ශ්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති සමයේ එංගලන්ත රජුගේ රාජෝත්පත්තිය නිමිති කොට වර්ෂ 1939.06.08 වන දින සිසු සිසුවියන් සිව් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකින් වත්මන් අ/ පෙරියකුලම මහා විද්‍යාලය ආරම්භ වූ වග විද්‍යාලීය ඉපැරණිම ලොග් සටහන් පොතක සදහන් ව තිබේ.මෙහි ආරම්භක විදුහල්පතිවරයා බවට පත්ව ඇත්තේ
එම්.සිරිසේන මහතා ය. විදුහල්පතිවරයාට සහය දක්වමින් දරුවන් සිව් දෙනාට ඉගැන්වීමේ ක්‍රියාවලිය කරගෙන යාමට ගුරු යුවලක් ඉදිරිපත් වී ඇත. එවකට පහතරට ප්‍රදේශ වලින් විදුහල්පතිවරු කීපපලක්ම පැමිණ ඇතත්, ඔවුන් ඉතා කෙටි කාලයකින් සිය ගම් ප්‍රෙද්ශ කරා ස්ථානමාරු ලබා ගොස් ඇති බව සදහන් වේ.මේ අතර 1951 වසර අවසානයේ දී ඩී.එම්. මානප්පෙරුම මහතා විශ්‍රාම යන තෙක් ම වසර 15 ක් මෙම පාසලේ සේවය කරමින් ස්වර්ණමය යුගයක් එවකට උදාකර දී ඇත. ඒ අතර වර්ෂ 1962.10.10 දින සිට මහා විද්‍යාලයක් බවට උසස් කිරීම ඩී.එම්.මානප්පෙරුම මහතා ගේ උත්සාහයේ හා කැපවීමේ මල්පල ගැන්වීමකි.
මානප්පෙරුම යුගයෙන් පසු විදුහල්පතිතුමන්ලා හා විදුහල්පතිතුමියන් ලා 13 දෙනෙකු මෙම පාසලේ මුල් පුටුවේ සේවය කර ඇත. විද්‍යාලීය ගමන් මගේ වර්තමාන විදුහල්පතිනිය ලෙස ඩබ්ලිව්. ආර්. අයි. ජයලත් මහත්මිය විද්‍යාලය ඉහල තැනකට රැගෙන යාම සදහා වර්තමානයේ සිය නායකත්වය ලබා දෙන්නීය.
" පළමුව යුතුකම" යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි 1 - සී වර්ගයේ පාසලක් වන අ / පෙරියකුලම මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 168 දෙනෙකු වර්තමානයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙයි. 22 ගෙන් සමන්විත ආචාර්යය මණ්ඩලයක් හා තිදෙනෙකුගෙන් සමන්විත අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිය සේවා දායකත්වය ලබා දෙයි.