![]() |
| ආරම්භක විදුහල්පති:M සිරිසේන මයා |
ශ්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති සමයේ එංගලන්ත රජුගේ රාජෝත්පත්තිය නිමිති කොට වර්ෂ 1939.06.08 වන දින සිසු සිසුවියන් සිව් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකින් වත්මන් අ/ පෙරියකුලම මහා විද්‍යාලය ආරම්භ වූ වග විද්‍යාලීය ඉපැරණිම ලොග් සටහන් පොතක සදහන් ව තිබේ.
මෙහි ආරම්භක විදුහල්පතිවරයා බවට පත්ව ඇත්තේ එම්.සිරිසේන මහතා ය. විදුහල්පතිවරයාට සහය දක්වමින් දරුවන් සිව් දෙනාට ඉගැන්වීමේ ක්‍රියාවලිය කරගෙන යාමට ගුරු යුවලක් ඉදිරිපත් වී ඇත. එවකට පහතරට ප්‍රදේශ වලින් විදුහල්පතිවරු කීපපලක්ම පැමිණ ඇතත්, ඔවුන් ඉතා කෙටි කාලයකින් සිය ගම් ප්‍රෙද්ශ කරා ස්ථානමාරු ලබා ගොස් ඇති බව සදහන් වේ.
