සැරදේ සැරදේ වොරැඳේ සැමදා
අප විදුහල් මෑණි
බැති කුසුමින් සිරි සරසණක සරසා
කරනෙමු ඔබ පිනිපා
පෙරිය කුලම මහ විදුහල් මාතා
ඔබ වොරැදේ සැමදා
සැරදේ සැරදේ .................................
දහසක් පැතුමන් මල්ඵල ගැන්වූ
ඔබ අප අභිමානේ
සදා උදාර සනාතන ජයබිම
අප සැනසුම ඔබ වේ
සැරදේ සැරදේ ...................................
සීගිරි රන්වැලිසෑ මිස්සක පවු
පිස එන මද සුළඟයි
පුරාතනයේ හෙළ විරු දරු නාමය
ඔබ හට රැකවරණයි
සැරදේ සැරදේ ....................................